BREAKING NEWS
Search

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්ට කරදරයක්

1994

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්ට තවත් මරණ තර්ජනයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

සල්මන් ඛාන්ගේ නිවාස සංකීර්ණය ඇති ප්‍රදේශය භාර රථ වාහන පොලිසියේ වට්ස්ඇප් අංකයකට එම මරණ තර්ජනය සහිත පණිවුඩය එවා ඇත්තේ ලෝරන්ස් බිෂ්නෝයි නම්න් හැඳින්වෙන මැර කල්ලිය විසින්.

එම කල්ලිය පවසන්නේ සල්මන් ඛාන් සමඟ ඇති ගැටුම අවසන් කිරීමට නම් අදාළ කම්පම් මුදල ලබාදිය යුතු බවයි.

ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය විසින් සල්මන් ඛාන්ගේ සමීපතම මිතුරෙකු හා එන් සී පී දේශපාලඥයෙකු වු බාබා සිද්ධික් ද පසුගිය සතියේ දී වෙඩි තබා ඝාතනය කර
තිබුණා.

අදාළ මුදල ලබාදීමට සල්මන් ඛාන් අපොහොසත් වුවහොත් බාබා සිද්ධික්ට අත්වු ඉරණමටත් වඩා භයානක ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇති බවයි අදාළ පණිවුඩය හරහා අනතුරු අගවා තිබෙනවා.

පසුගිය කාලයේ දී සල්මන් ඛාන්ට එල්ල වු මරණ තර්ජන හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව දැඩි කිරීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.

මේ වන විට ඔහුගේ පෞද්ගලික නිවස අසල ආරක්ෂාව දැඩි කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *