2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශයට පත් කරන ලෙසට ගල්කිස්ස දිසා අධිකරණය විසින් නියෝග කර තිබෙන අතර,ඒ ඇයගේ කිරුළ ඉවත් කිරීමට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
ඒ අනුව පැය 24 ක් ඇතුලත ශ්‍රි ලංකා විවාහක රූ රැජිණ නිල ෆේස්බුක් ප්‍රසිද්ධ නිවේදන ඉවත් කර ගන්නා බවටද, පුශ්පිකා ඩි සිල්වා යන මාගේ නම ‘’2021 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ” යන කිරුල නීත්‍යානුකූලව දරණ හිමිකාරිය බවට එහි පල කරන බවටද චන්දිමාල් ජයසිංහ මහතා ඵකඟ විය යුතු බව ද අදාළ නියෝගයේ දැක්වේ.
තවද, දින 14ක් ඇතුළත ඔහුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ බව දැනුම්දිය යුතු අතර, එහිදී අදාළ කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිමිකාරිනිය බවත් ඊට තමන් මැදිහමත්වීමක් සිදු නොකරන බවත් චන්දිමාල් ජයසිංහ මහතා ප්‍රකාශ කළ යුතු බවට අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද එක් කර තිබුණා.
‘ සත්‍යය කවදා හෝ ජයගනී.’
Victory
16.10.2024
2021 වසරේ විවාහක රූ රැජින තරඟාවලියේ දී සිදුවූ අසාධාරණ සහ අපකීර්තිමත් සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව මා විසින් අවුරුදු දෙකකට පෙර ගල්කිස්ස දිසා අධිකරණයේ දී අංක 1537/ 2022/ SPL යටතේ පවරන ලද නඩුවේ දී ඊයේ (2024.10.16) මට සාධාරණය ඉෂ්ට වුණා.
මේ සම්බන්ධයෙන් මීට වසර දෙකකට පෙර මම සඳහන් කළේත් සත්‍යය කවදා හෝ ජය ගන්නා බවයි. ඒ සිතූ ආකාරයටම එම නඩුවේ දී, මා අපේක්ෂා කළ පරිදි සාධාරණය ඉෂ්ට වුණා.
මම හැමවිටම හිතන්නේ අපි නිවැරදිව ජීවත් වෙනවා නම්, මේ සොබාදහම, විශ්වය සහ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් අප සමග පවතින බවයි.
මම, මේ අවස්ථාවේ 2021 වර්ෂයේ නීත්‍යානුකූල ශ්‍රී ලාංකික විවාහක රූ රැජින වශයෙන් අපේ රටේ සියලුම කාන්තාවන්ට මෙසේ ප්‍රකාශ කරන්න කැමතියි.
‘ඔබේ ජීවිතේ නොයෙකුත් අභියෝග, කම්කටොළුවලට මුහුණ දෙන්නට සිදුවේවි. ඒවා නිසා සැලෙන්නට, කඩාවැටෙන්නට එපා. මම වගේ වැටි වැටි නැගිටින යකඩ ගැහැනියක් බවට පත්වෙන්න. තමන්ට ජීවිතයේ එන අසාධාරණකම් වලදී, දිනන තුරුම සටන් වදින්න. තමන් වෙනුවෙන් සටන් කිරීම ජයග්‍රහණය ලැබෙන තෙක්ම නතර කරන්න එපා.’
මේ දුෂ්කර කාලයේ දී මා විශ්වාස කළ, වචනයෙන් පවා මට ආශිර්වාද කළ, මට දහිරිය ශක්තිය ලබාදුන්, ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ජීවත් වන සියලු දෙනාටම බොහොම ස්තුතියි.
මා සැම විටම කියන පරිදි, සැබෑ රැජිනක් යනු තවත් ගැහැනියකගේ හිසේ ඇති කිරුළ ගලවන අයෙකු නොව, ඇයගේ කිරුළ රහසේ සකසන අයෙකි.
සියල්ලටම ඉහලින් ඇති සොබාදහමේ සහ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් සමග මම මින් ඉදිරියට තව තවත් ශක්තිමත් වේවි.