රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහත යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ, අනුව WTI බොර තෙල් මිල ඩොලර් 70.86ක් වනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිල සටහන් වන්නේ ඩොලර් 74.54ක් ලෙසින්.
මෙම මිල ගණන් පසුගිය සති දෙකෙහි වාර්තා වූ අඩුම අගය වන බව ද සඳහන්.
වෙනත් පුවත්
මාදම්පිටියේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට: ඝාතනයට ආධාර අනුබල දීලා
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මරණකරු සමග ත්‍රීරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනායි.
ඔවුන් වයස අවුරුදු 45 හා 50ක් වන කොළඹ 10 හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් විසින් මරණකරුව නිවසේ සිට වෙඩිතැබීම සිදු කළ ස්ථානයට ත්‍රිරෝද රථයෙන් රැගෙන ගොස් ඇති බව හෙළිවී තිබෙනවා.
ඔවුන්, වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධවී මෙම ඝාතනයට ආධාර අනුබල දී ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


















