රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ.
සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන් කළේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බැවින් රුපියල් 35ක මිලකට වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි කිරිමට හැකියාව පවතින බවය.
“බිත්තර මිල සම්බන්ධ අර්බුදය තාම විසඳිලා නැහැ. රුපියල් 40 – 45 දක්වා වෙළෙඳපොළේ බිත්තර මිල වැඩි වෙලා. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න. බිත්තරයක ඇත්තම නිෂ්පාදන වියදම රුපියල් 20ත් 23ත් අතර යන්නේ. ගොවිපොළෙන් රුපියල් 30කට බිත්තරය දෙන්න පුළුවන්.”
වෙනත් පුවත්
රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙයි ?
රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ පසුගිය රජය සමයේ පරිපුරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන් සීටි ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර් කරන ඒකකයන් හි පරීක්ෂණ රැසක් ද සිදුකිරීම මේවන විට ගැටළු සහගත වි ඇති බවය.
“සමහර රෝහල්වල අලුතින් සී.ටී ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කරලා තියනවා. නමුත් ඒවායේ රාජකාරී කටයුතු ආරම්භ කරන්න, පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න හැකියාවක් නෑ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා. ඒ එක්කම මේ වන විට සේවාවේ නිරත වෙලා ඉන්න කාර්ය මණ්ඩලය දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඔවුන්ට වැඩි වැඩ ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවීම තුළින්. අපි විශේෂයෙන් නව සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලීමක් කරනවා මේ සේවාවන්වල පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන්න කියලා. එහෙම නොවුනොත් සෞඛ්‍ය සේවාව කාර්ය මණ්ඩලය නොමැති වීම හින්දා බිඳ වැටීමක් ඉදිරි මාස කිහිපය තුළ අනිවාර්යයෙන්ම සිදුවෙනවා.”


















