BREAKING NEWS
Search

තරගාවලියකදී ලංකාවට කළු පැල්ලමක්

247

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2024 පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ තරගාවලිය පසුගිය දා දකුණු අප්‍රිකාවේදී නිමාව දුටුවා.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 11 දෙනෙකු සහ ක්‍රීඩිකාවක් සහභාගි වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කමක් වශයෙන් සමස්ත පදක්කම් 24ක් දිනා ගන්නට සමත් වුණා.

පදක්කම්වලින් ශ්‍රී ලංකාවට අඩුවක් නොමැති වූවත්, තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සවි එසවීමේ ක්‍රීඩක මෙන්ම පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන රන්සිළු ජයතිලකගේ අශෝභන මෙන්ම විනය විරෝධී හැසිරීම හේතුවෙන් තරගාවලියේ අතරවාරයේදී ඔහුව යළි මෙරටට පිටුවහල් කරන්නට පියවර ගෙන තිබුණා.

ඒ ශ්‍රී ලංකාවට සහ මෙරට සවි එසවීමේ ක්‍රීඩාවටත් කළු පැල්ලමක් එක් කරමින්.

ජාතික සවි එසවීමේ සංගමයට කොළය වසා පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ තරගාවලියට සහභාගි වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වූ රෂිතා ද සිල්වාට අනිසි බලපෑම් සිදු කරමින් තරග පැවැත්වෙන අතරවාරයේදී අදාළ ක්‍රීඩිකාවට පහරදුන් බවට රන්සිළුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තරග සංවිධායකින් සහ ජාත්‍යන්තර සවි එසවීමේ සංගමය විසින් ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමය වෙත දැනුවත් කර තිබෙන අතර එහිදී රන්සිළු ජයතිලකට ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රීඩා තහනමකට මුහුණ දෙන්නටත් සිදුවනු ඇති.

සවි එසවීමේ සංගමයේ ඇසට වැලි ගසමින් රට යන්නට මෙම ක්‍රීඩිකාවට බලය දුන් අදිසි හස්තය කුමක් ද?

ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ සවි එසවීමේ ක්‍රීඩකයාට ආර්ථික සවියක් නොමැතිව ගෙදර නවතින්නට සිදුවෙද්දී, රටේ නම හැල්ලුවට ලක්කරමින් සුරසැප විඳින්නට රට සවාරියේ ගිය මෙම ක්‍රීඩිකාවට සහ ක්‍රීඩකයාට එරෙහිව මෙරට ක්‍රීඩාව කරවන ඇත්තන් ගනු ලබන විනය ක්‍රියා මාර්ගය කුමක් ද ?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *