BREAKING NEWS
Search

භාණ්ඩ කිහිපයකට විශේෂ බද්දක්

1795

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

උම්බලකඩ සහ පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

ඒ ලබන දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වෙන පරිදියි.

2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබෙනවා .

ඒ අනුව, ශීතකළ මසුන් සඳහා කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් පනවා ඇති අතර, උම්බලකඩ හා ඒ සඳහා වන ආදේශක සඳහා කිලෝග්‍රෑමයට රු. 302ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

ඊට අමතරව මයිසූර් පරිප්පු සහ පියලි කළ මයිසූර් පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක් පනවා ඇති අතර, කහ පරිප්පු හා පියලි කළ කහ පරිප්පු සඳහාද කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක් ක්‍රියාත්මකයි.

තවද, මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයක් සඳහා රු. 200 විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර, කිවි ෆෘට් කිලෝග්‍රෑමක් සඳහා රු. 175ක බද්දක් පනවා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *