BREAKING NEWS
Search

දේශපාලඥයෙකුගේ නම පාසලකින් ඉවත් කරයි

624

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­පයේ කුණ්ඩ­සාලේ කොට්ඨා­ස­යට අයත් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වහාම ක්‍රියා­ත්මක වන පරිදි වෙනස් කිරී­මට මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් ඊයේ (16) අනු­මැ­තිය ලබා දී තිබෙනවා.

මෙම විද්‍යා­ලය කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය නමින් හැඳි­න්වී­මට පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ ව්‍යුහ කමි­ටුව මඟින් යෝජ­නා­වක් ඉදි­රි­පත් කර තිබූ අතර ආණ්ඩු­කා­ර­ව­රයා අනු­මැ­තිය දී ඇත්තේ එම යෝජ­නා­ව­ටයි.

අනුමැතිය හිමිවීමත් සමඟ ඉදි­රි­යට මෙම පාසල කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙසින් හඳු­න්වනු ඇති.

වෙනත් පුවත්

ගෝඨාගේ ආර්ථික උපදේශකට ජනපතිගෙන් ලැබුණු ඉහළම තනතුර ගැන පෙරටුගාමීන් හෙළි කරයි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකවරයෙකු ලෙස සිටි දුමින්ද හුලංගමුව බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

එහි මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පෙන්වා දෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ සමයේ මෙරට ආර්ථිකය විනාශ කිරීමට දායකත්වය දුන්නේ මොවුන් බවයි.

ඉදිරි මහ මැතිවරණය සදහා ජන අරගල සන්ධානය යටතේ තරග කරන අපේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් ජන හමුවක් මැදිරිගිරිය නගරයේදී පැවැත්වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *