BREAKING NEWS
Search

ජනප්‍රිය රංගන ශිල්පිනී මෙලනි අශෝකා ගිහි ජීවිතයට සමු දෙයි?

1313

අපි කවුරුත් හැල්මේ දුවන මේ ජීවිතය ඇතුළේ සොයන්නේ සැනසීමක්.. නිවන, ඒ අපි සොයන උතුම් සැනසීමයි..

ඒ ගමනට යන්න තියන මාර්ගය මොන තරම් දුශ්කර වුණත්, අධිෂ්ඨානයක් ඇතුව කටයුතු කරන ඕනම කෙනෙක්ට නිවන ළඟා කරගන්න එක අපහසු දෙයක් නෙවෙයි.. මේ කියන්න යන්නේ කලා ශිල්පිනියක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඇය ගැන තවත් වෙනස් විදිහේ කතාවක්..

ඇය කලාව තුළ අපි කවුරුත් හොඳින් හඳුනන චරිතයක් බව යළි යළි කියන්න ඕනෑ නැහැ.. මෙලනි අශෝකා , රංගන ශිල්පිනියක් , හඬ කැවීම් ශිල්පිනියක් විදිහට ඇය බොහෝ දෙනා අතර ජනප්‍රියයි..

තෝරා බේරා ගෙන කලාවත් එක්ක එකතු වෙලා ඉන්න ඇය ගැන මේ අහන්න ලැබෙන්නේ වෙනස් ආරංචියක්.. මෙලනි අශෝකා හදිස්සියේම පැවිදි දිවියට ඇතුළත් වෙලාද..? ඒ ගැන කුතුහලයක් දනවන විදිහේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය තුළදී අපට දැකගන්නට ලැබුණා..

ඇය හදිස්සියේම මේ වගේ තීරණයක් ගන්න හේතු වුණේ කුමක්ද..? නැත්නම් මේ තවත් ඇගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂයක්ද..? මෙලනිට ආදරය කරන බොහෝ දෙනාටත් තවම මේ ගැන ඇත්තේ කුතුහලයක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *