BREAKING NEWS
Search

ගණන් ඇහුවහම පිස්සු හැදෙන තරමට ඉහල ගිය රත්තරං මිල මෙන්න

978

ඊයේ දිනයට සාපේක්ෂව රන් මිල අද දිනයේ තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 203,000ක් ලෙසයි.

එමෙන් ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 25,380ක් ලෙසින් වන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 221,450ක් ලෙසයි.

No description available.

වෙනත් පුවත්

බෝවන රෝග පැතිරීමේ අවධානමක්

ක්‍රමයෙන් ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කරන්නේ පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවයි.

මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසුදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමට යොමුවිය යුතු බවත් එම ආහාර උණුවෙන් සකස් කර ලබා ගත යුතු බවත් එම සංගමය සදහන් කරයි.

එසේම විශේෂයෙන්ම  ලබාගන්නා ජලය උණුකර නිවාගත් ජලය හෝ පාලනය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවද එම සංගමය ජනතාවට දන්වා සිටී.

ඒ වගේම  මේ දිනවලදී  ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක් නැත්නම් සීරිමක් වගේ සමේ යම් හානිවීමක් සිදුව ඇත්නම්  ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැළඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *