BREAKING NEWS
Search

හිරුණිකා දැඩි තීරණයක් ගනී

1005

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ අදාළ ලිපිය පක්ෂයට යොමුකළ බවයි.

තමා මෙම තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා ව අපහසුතාවයට පත්කිරීමට නොවන බව ඇය පැවසුවාය.

“පසුගිය ජනාධිපතිවරණයේදී කාන්තා රැස්වීම් ලංකාව පුරාම අරගෙන ගියා. දැන් මේක මගේ මැතිවරණය. මම කල්පනා කළා වෙනත් කෙනෙක්ට මෙම මැතිවරණයේදී මේ වැඩ කරන්න බාරදුන්නොත් හොඳයි කියන එක. ඒ අනුව තමයි ඒ ලියුම බාරදුන්නේ.”

ඇය පැවසුවේ එක් පුද්ගලයෙක් තමා වැඩක් නොකළ බවට චෝදනා කළ බවත් ය.

“එක පුද්ගලයෙක් කිව්වා. ඒක නායක තුමාගේ මතයත් නොවෙයි. ඒකයි තියෙන ප්‍රශ්නය. එහෙම දේශපාලනයක් නොකරන කෙනෙක්ගෙන් මම එහෙම දේවල් අහන්න ලෑස්ති නෑ…”

එහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටියේ ජලනි ප්‍රේමදාස මහත්මිය සමග යම් අර්බුදයක් තිබේද යන්නය..

“මම පක්ෂය ඇතුළේ දේශපාලනය කරන කාන්තාවක්. ජලනි ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස මහතා ගේ බිරිඳ. තනතුරක් දරන්නේ නෑනේ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *