BREAKING NEWS
Search

අක්කාගේ සෙවනේ ඇති දැඩි වූ සිසුවාට අත් වූ අවාසනාවන්ත සිදුවීම

460

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සිය වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේ ඇති දැඩි වුණු  පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (16) කොටදෙනියාව මීරිගම මාර්ගයේ  මල් පැළ තවානට නුදුරින්  පිහිටි දිය පිරුණු වළක  වැටී මරණයට පත්ව ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි .

මෙසේ මිය ගොස් ඇත්තේ  කොටදෙනියාව එරබද්ද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වරාදල පොල් වත්ත පාරේ ස්ථිර පදිංචිකරුවකු වූ ලසිඳු දුල්සාන් රවිහාර හේරත් නමැති පාසල් සිසුවෙකි .

කලක සිට මවගේ හා පියාගේ රැකවරණයෙන් තොරව වැඩිමහල් සොහොයුරිය යටතේ ඔහු හැදී වැඩී ඇතැයි ද සුළු රැකියාවක යෙදෙමින් සොහොයුරිය  මලනුවන් පාසල් යවා ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

මෙම සිසුවා තවත් සිසුන් පස් දෙනෙකු සමග මෙම වලේ දිය නෑමට ගොස් ඇතැයි ද ඒ අවස්ථාවේ ඔහු මඩේ එරී ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

වසර හතරක් පහකට පමණ පෙර පස් කැපූ වළක් බව කියන මෙහි දරුවා එරී සිටින බව දැන ගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් හා පොලිසිය මැදිහත් ව  දරුවා ගොඩ ගෙන ඇති අතර පොලිසිය මගින් ම දරුවා මීරිගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *