ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී වෙඩිතබා ඝාතනය කර තිබේ.
එම පුද්ගලයා ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ වාඩි වී සිටි අවස්ථාවේදී නාඳුනන පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණි.
අද දහවල් 3ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති අතර තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මියගොස් තිබුණි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන මිහිජය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය.
සැකකරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවත් පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණ වී ඇත.
මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.
නාඳුනන පුද්ගලයෙකු මියගොස් ඇති බවට 2024.10.01 වන දින හෝමාගම පොලිස් ස්ථානයට මෙලෙස පැමිණිල්ලක් ලැබී තිබුණි.
එම මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණි.
අනතුරුව මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර උස අඩි 05 අඟල් 02ක් පමණ වන සාමාන්‍ය සිරුරක් ඇති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. කෙසේවෙතත් මළසිරුර හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවද පොලීසිය සඳහන් කරයි.
පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසය.
හෝමාගම පොලිස් ස්ථානාධිපති – 0718 591 655
හෝමාගම පොලිස් ස්ථානය – 0112855222
මේ අතර 2024.10.04 වන දින රිය අනතුරකට ලක්වී මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ද පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.
කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කි.මී 83 කණුව ආසන්නයේ මොලගොඩ ප්‍රදේශයේදී එම රිය අනතුර සිදුවී තිබුණි.
ඉන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු බරපතළ තුවාල ලබා තිබූ අතර ඔහුව කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත. මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
පොලීසිය සඳහන් කරන්නේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැති බවය.


















