BREAKING NEWS
Search

ඉන්ධන බවුසරයක් පිපිරී 94ක් මරුට

1488

ඉන්ධන බවුසරයක් පිපිරීම හේතුවෙන් උතුරු නයිජීරියාවේ පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ එම බවුසරය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ලිස්සා ගොස් කාණුවකට පෙරළී තිබුණි.

ඉන් ඉවතට විසිරී තිබූ ඉන්ධන එකතුකර ගැනීම සඳහා විශාල පිරිසක් එක්වී සිටි බව සඳහන් ය.

එහිදී එක්වරම එම බවුසරය පුපුරාගොස් තිබුණි.

මරණයට පත්වූ ගණන තවත් වැඩිවෙතැයි සෞඛ්‍ය අංශ පැවසීය.

වෙනත් පුවත්

ඝාතන සැකකරුවන් 5ක් අත්අඩංගුවට

ජාඇළ, ඒකල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඒකල ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බවය.

ඝාතනය සිදුකළ සැකකරු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදාගත් මන්නා පිහි දෙකක් සහ මුගුරු කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 22,33,45,48 හා 65 යන වයස් සීමාවල පසුවන ජාඇළ ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලීසිය පවසයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *