BREAKING NEWS
Search

විභාග වලට මොකක් වෙයිද? තෙවන පාසල් වාරය තවත් කල් දමයි

605

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, 2025.01.17 දින අවසන් වීමට නියමිතව තිබූ 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය තවත් සතියකින් කල් දැමූ බවයි.

මේ අනුව තෙවන වාරය මෙන්ම 2024 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන්නේ 2025.01.24 දිනෙන්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කරමින් නිකුත් කළ ලිපියේ සඳහන් වෙන්නේ, තෙවන වාර විභාගය පවත්වා සිසුන්ට ප්‍රගති වාර්තා ලබා දීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා මෙලෙස තෙවන පාසල් වාරය කල් දැමූ බවයි.

තෙවන වාරය අවසන් වන 24 දින වන විට සියලුම සිසුන්ට තෙවන වාර විභාගය පවත්වා ප්‍රගති වාර්තා ලබාදීම අවසන් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය එම ලිපිය මගින් අවධාරණය කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *