රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පේරාදෙණිය උද්භිත උද්‍යානය අසල බස් නැවතුම්පොළක් තුළ තිබී නාදුනන මළ සිරුරක් සොයා ගත් බව පේරාදෙණිය පොලීසිය පවසනවා.
අදාල පුද්ගලයා බස්නැවතුම්පොළේ වැටී සිටින බවට පොලීසියට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මොහුව පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරු දන්වා තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු වයස අවුරුදු 70ක් පමණ වන උස අඩි 5යි අඟල් 5ක් පමණ වන පුද්ගලයෙක් වන අතර හිසකෙස් අඟල් 2ක් පමණ වැවී තිබෙනවා.
මුහුණේ සම්පූර්ණයෙන්ම සුදු රැවුල වැවී තිබෙන අතර උඩුකය නිරුවත්ය සිට තිබෙන බවත් සුදු පැහැති සරමක් ඇඳ සිට ඇති බවත් පොලීසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු ලරනු ලබයි


















