BREAKING NEWS
Search

වැඩිහිටි මධ්‍යස්ථානයේ උප උපසායිකාවගේ සිරුර ළිඳක

285

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පිළියන්දල  මඩපාත  පන්සල පාරේ වැඩිහිටි නිවාසයක උප සහායිකාව   ලෙස කටයුතු කළ   වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුර එම නිවාස භූමියේ  ළිඳක තිබී අද (16) සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ නිතා යෞවනි නැමැති 64 හැවිරිදි කාන්තාවකි.

මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යන පාලකවරිය  දන්නා හඳුනන කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මීට වසර අටකට පමණ ඉහතදී මිය ගිය කාන්තාව භාරදී තිබූ අතර ඇයගේ ස්ථිර ලිපිනයක් හෝ ඥාතියකු සම්බන්ධ තොරතුරක් හෝ ලබාදී නොතිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එලෙස මෙම කාන්තාව බාර දුන් පුද්ගලයන්ද කඩුවෙල එම නිවසේ නොමැති බවට  පාලකවරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *