BREAKING NEWS
Search

ගුවන් යානා 10 කට මර බිය

413

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ සිට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පියාසර කළ එක් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන්  මගී ගුවන් යානයක් සිංගප්පූරු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව යටත්, ජනාකීර්ණ පළාත්වලින් ඉවතට ගෙන යමින්, ගුවන්තොටුපොළේ හුදෙකලා ගුවන් පථයකට ගොඩ බෑ බව ද වාර්තා වේ.

මීට අමතරව, ජායිපූර් සිට අයෝධ්‍යාව හරහා බැංගලෝර් දක්වා යන ගුවන් යානයකට, බැග්ඩෝග්‍රා සිට බැංගලෝර් බලා යන ගුවන් යානයකට, දිල්ලි සිට චිකාගෝ බලා යන ගුවන් යානයකට, සෞදියේ සිට ලක්නව් බලා යන ගුවන් යානයකට, අම්රිත්සාර් සිය ඩේරාඩුන් යන යානයකට, මදුරෙයි සිට සිංගප්පූරුව දක්වා යන යානයකට මෙසේ සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වුණු බව වාර්තා වේ.

මෙම යානා සියල්ල ගුවන්තොටුපොළවලට ආරක්ෂිතව ගොඩබෑ බවත්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඒවායින් ඉවත් කර සෝදිසි කෙරුණත් පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ හෝ හමුනොවුණු බවත් පැවැසෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *