කළුතර උතුර ප්‍රදේශයේ අද(16) උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය සදහන් කරයි .
කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයටක ආසන්න දුරක නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්, සංචාරක නිවාඩු නිකේතන රැසක්ද , කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක පරිශ්‍රය සහ අතුරු මාර්ග රැසක්ද මුහුදු ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය .

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කලපුගම, කජුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී එරංජිත් සුමින්ද නමැති 50 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කීය.
මාළු ඇල්ලීමට දැලක් එලමින් සිටියදී දියේ ගිලුනු පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ගොඩගෙන ගෝනදූව ප්‍රාදේශීය රෝහලට රැගෙන විත් ඇති අතර , ඒ වනවිටත් මියගොස් සිට ඇති බව පොලිසිය කීය.


















