2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ අද (15) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“ඡන්දෙ කිට්ටු කරලා පසුගිය කැබිනට් මණ්ඩලය එකපාරටම තීන්දුවක් ගත්තා… රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා… ජනවාරි මාසයේ සිට. නමුත් අපි සොයා බැලුවම මුදල් අමාත්‍යාංශය කිසිම අනුමැතියක් දීලා නැහැ. ඇත්තටම ජනතාව රවට්ටපු දෙයක් මේ වෙලා තියෙන්නේ.”
“අපි එහෙම දේවල් කිව්වෙත් නැහැ. එය ඉටුකළ හැකිද? කොහොමද ? කියන එක සොයා බලලා මුදල් තත්ත්වය මත අලුතෙන් තීන්දුවක් ගන්නවා. නැහැ කියන්නෙත් නැහැ…මුදල් තත්ත්වය බලලා තමයි තීරණය කරන්න ඕනේ.”
මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න
මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින අතර නොකළ යුතු දේ කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිලෙන බවද ජනාධිපතිවරයා කීය.
මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙන බව ද ජනාධිපති පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවෙි බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය.
පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර තුන ඇතුලත බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බව පැවසීය.



















