BREAKING NEWS
Search

හතුරුසිංහට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හතුරු වෙයි. වහාම සේවය ඉවත් කරයි

77

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත් වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවත් වාර්තා වෙයි.

හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය තෙක් අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

පසුගිය පෙබරවාරි මාසයේදී හතුරුසිංහ බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස දෙවැනි වරටත් එම කණ්ඩායම සමග එක්විය.

නමුත් හිටපු නායකයින් මෙන්ම වර්තමාන එරට ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් ද හතුරුසිංහ ව නැවත එක්කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *