BREAKING NEWS
Search

රනිල් බ්‍රහස්පතින්දා කරන්න යන විශේෂ දේ

788

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක්  කරනු ලබයි.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව්  කිරීමට නියමිතව ඇත.

වික්‍රමසිංහ මහතා  ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර  ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.

වෙනත් පුවත්

වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට

දිවයින පුරා පවතින අධික වැසි තත්වය  හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල්  39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථානය කියයි.

එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති දත්ත අනුව කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1,345 කට අයත් පුද්ගලයින් 5,079 ක්  ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 10,356 කට අයත් පුද්ගලයින් 78,281 ක් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 15,941 කට අයත් පුද්ගලයින් 60,233  දෙනකු ඇතුළුව බස්නාහිර පළාතේ පවුල් 36,632 කට අයත් පුද්ගලයින් 1,43,595 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 101 ක පුද්ගලයින් 349 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 104 කට අයත්  පුද්ගලයින් 676 දෙනෙකු සබරගමුව පළාතේ පිඩාවට පත්ව සිටිති.

දකුණු පළාතේ ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පවුල් 37 කට අයත් පුද්ගලයින් 139 දෙනෙකු සහ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 32 ක පුද්ගලයින් 110 ක් පීඩාවට පත්ව සිටිති.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 16 ක පුද්ගලයින් 66 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 385 ක පුද්ගලයින් 1,298 දෙනෙකුද පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2,203 කට අයත් පුද්ගලයින් 8,902 දෙනෙකු ඇතුළුව පළාතේ පවුල් 2,588 කට අයත් පුද්ගලයින් 10,200 ක් පීඩාවට පත්ව සිටිති.

මෙම ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබාද තිබේ.

ආරක්ෂිත ස්ථාන 80 ක පවුල් 2,433 කට අයත් පුද්ගලයින් 10,361 ක් රඳවා ඇති  බවත් නිවාස 322 කට  හානි සිදුව  ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *