BREAKING NEWS
Search

ගම්මන්පිල සතුව ඇති වාර්තාව දින 03 ක් ඇතුළත ලබා වහාම ලබා දෙන්න – අමාත්‍ය විජිත හේරත් උදය ගම්මන්පිලට වැඩ වරදී ?

355

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සතුව ඇති වාර්තාව දින 03 ක් ඇතුළත ලබා වහාම ලබා දෙන ලෙස කැබිනට් අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර නොමැති වාර්තා ප්‍රසිද්ධ කිරීම සඳහා සතියක කාලයක් ලබාදෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ඊයේ සිදුකළ අභියෝගය සම්බන්ධයෙන් අදහස් පල කරමින්.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ රජයට ලබා දී ඇති වාර්තා සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු කරන බවයි.

එමෙන්ම උදය ගම්මන්පිල ළඟ එම වාර්තාව තිබු මෙතෙක් එය ප්‍රසිද්ධියට පත් නොකිරීම සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතු බව ඔහු මෙහිදී කියා සිටියා.

එසේම උදය ගම්මන්පිලට එම වාර්තා ලැබුණේ කෙසේ දැයි ද සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මෙපමණ කාලයක් එම වාර්තා සඟවා තබා ගැනීම බරපතල වරදක් බව ද අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *