BREAKING NEWS
Search

සඳුදා සිට අලුත් වෙන පාස්පෝට් ඔෆිස් එක..

1295
පසුගිය දිනවල මේ ආයතනය ගැන ගොඩක් දෙනෙක් කතා වුණා.. ඒ කාර්‍යයක්ෂම සේවාවක් ලබාදෙන්න බැරි වීම නිසා කිව්වොත් හරි..

 

ඒත් ළඟදීම ඔන්න ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නයි යන්නේ.. මේ අන්න ඒ ගැන ඇසෙන සුබ ආරංචියයි..

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබීමට නියමිතව පවතිනවා.. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවයි..

අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.. කෙසේ වෙතත් ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින නිසා ඊට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බව ද ඔහු මෙහිදී පැවසුවා..

උසාවි නියෝගය අවසන් වීමෙන් පසු ඒ පිළිබඳ අවදානය යොමුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ..

අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා (19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බව කී අමාත්‍යවරයා ඊට අදාලව ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකරන බවත් උසාවි නියෝගය ලබා දීමෙන්  පසුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *