BREAKING NEWS
Search

බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට

530

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට  වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීමට හිස ඇතුලට දැමූ   බස් රථ රියදුරෙකු ගේ  ගෙල රෝදයට සිරවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය  පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වලස්මුල්ල හොරේවෙල , වත්ත හේන්ගොඩ , මැදගොඩවත්ත පදිංචි රන්හොටිගෙදර අනුර නාමල් රන්දෙනිය නමැති (48) හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.

සංචාරකයින් ප්‍රවාහනය කරන අති සුඛෝපභෝගී බස් රථ ගාල්කර තිබෙන පෞද්ගලික රථ ගාලක බස් රථයක වැකුම් නිමවීමෙන්  දකුණු පස රෝදයට බස් රථය පහත් වී තිබෙනු  ඒ බව දුටු බස් රථ රියදුරෙකු ආධාරකයකින් බස් රථය උස්සා වැකුම් පුරවා එම ආධාරකය ඉවත්කොට පසුව හිස ඇතුලට දමා නිවැරදිව වැකුම් පිරවී ඇත්දැයි  පරීක්ෂා කිරීමට යාමේදී එක්වරම යළි බස් රථය පහත් වී ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ ගෙල සිරවීමෙන් අනතුරක් සිදුව ඇති බව පැවසේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *