රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .
කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත් පිරිමි පුද්ගලයා ගේ මළසිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබෙන බවත් පොලිසිය කීය.
දෙදෙනා අනියම් අඹුසැමි යුවලක බවටත් , පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙලවැලලාගන්නට ඇති බවටත් සැකකරන බව පොලිසිය සදහන් කරයි.
වෙනත් පුවත්
වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ප්‍රේමසිරි මානගේ, මහින්ද දේවගේ, ආනන්ද කුලරත්න විජයදාස රාජපක්ෂ සිරිතුංග ජයසූරිය මුහම්මදු ඉන්ෆාස්, ප්‍රියාන්ත වික්‍රමසිංහ ඇන්තනී වික්ටර් පෙරේරා, සරත් බණ්ඩාරනායක, කේ කේ පියදාස සරත් ෆොන්සේකා, පාණි විජේසිරිවර්ධන, කේආර් ක්‍රිෂාන්, නාමල් රාජපක්ෂ, කීර්ති වික්‍රමරත්න, සරත් මනමේන්ද්‍ර, නුවන් බෝපගේ, ඩී.එම් බණ්ඩාරනායක , දිලිත් ජයවීර ,ඒ.එස්පී ලියනගේ, අනුරුද්ධ පොල්ගම්පල, ඕෂල හේරත්, අජන්ත ද සොයිසා, සිරිපාල අමරසිංහ, රනිල් වික්‍රමසිංහ, සිඩ්නි ජයරත්න, ලලිත් ද සිල්වා, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, මයිල් වාගනම් තිලකරාජා, අනුරුද්ධ රොෂාන් රණසිංහ, අනුර කුමාර දිසානායක, අක්මීමන දයාරත්න හිමි, සජිත් ප්‍රේමදාස සහ අනෝජ් ද සිල්වා වියදම් වාර්තා බාරදී ඇති අපේක්ෂකයන් 35දෙනා වෙති.
මැතිවරණ වියදම් වාර්තා භාර දී නැත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්ති රත්න සහ පාක්යනේත්තිරන් සෙල්වම් යන අපේක්ෂකයන් තිදෙනාය.
වියදම් වාර්තා භාරදී නැති අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ කොම්ෂන් සභාව රැස්වී තීරණයක් ගන්නා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මැතිවරණ වියදම් වාර්තා භාරදීමේ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබාදිය යුතුවේ.


















