රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .
පෙරවරු 7.25 ට දකුණ කළුතර දුම්රිය ස්ථානයෙන් මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 326 දරණ දුම්රියේ පිටුපස එන්ජිමේ ගින්න හටගෙන තිබේ.
කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකකින් ගිනි භඨයින් අට දෙනෙකු පැමිණ සිටී අයුරුද දැකගත හැකිවිය .
ගින්න විනාඩි තිහක පමණ කාලයකදී පාලනය කර තිබූ අතර , එම දුම්රිය අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගන්නා ලදී.
ඒ අතර
කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මීනගයා නගරාන්තර දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් මරදාන හා කොටුව අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.


















