BREAKING NEWS
Search

17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා මල් කැකුලක් මිලින කරයි

1879

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගම්පොළ නගරයේ සිදු වූ රිය අනතුරකින් අවුරුදු තුන හමාරක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අවුරුදු 17ක පාසල් සිසුවෙකු ධාවනය කළ ජීප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ගම්පොළ බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙම අනතුර සිදුව තිබුණේ, ගම්පොළ දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන්.

අනතුරින් ත්‍රිරෝද රථය පෙරළී ඇති අතර, එහි සිටි රියැදුරු හා කුඩා දරුවෙකු ඉන් පිටතට විසි වී තිබුණා.

පොලිසිය පවසන්න‍ේ, අනතුර සිදු කළ ජීප් රථය මාර්ගයේ වෙළදාම් කළ කරත්තයක හා තවත් ත්‍රිරෝද රථයක ද ගැටී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු සහ කුඩා දරුවා ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, පසුව දරුවා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට තම මිත්තණිය බැලීම සඳහා ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නමැති අවුරුදු තුන හමාරක දරුවෙක්.

ජීප් රථය පැදවූ පාසැල් සිසුවා ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර ඔහු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *