BREAKING NEWS
Search

අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි

469

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.

නුවරඑලිය හැඩ්න්හිල් මාර්ගයේ පිහිටි නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් භුමියේ මෙම ජිප් රථය වසර ගණනාවක් තිස්සේ ගාල් කර ඇති බවත්, එම ජිප් රථය මේ වන විට සම්පුර්ණයෙන්ම දිරාපත් වි දැඩි අබලන් තත්ත්වයේ පවතින බවත් පොලිසිය කියා සිටියේය.

නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කළ අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික සම්බන්ධිකරණ නිලධාරියෙකුට භාවිතා කිරිම සදහා එවකට මෙම ජිප් රථය ඇතුළු තවත් ජිප් රථයක් අමාත්‍යවරයා විසින් ලබා දි ඇති බවත්, අනෙක් ජිප් රථය සොයා මේ වන විට පොලිස් විමශණයක් ආරම්භ කර ඇති බව එම නිලධාරියා කියා සිටියේය.

නුවරඑලිය ප්‍රදේශයේ රජයට අයත් වාහන සගවා ඇති බවට ලද තොරතුරක් මත මේ වන විට ජිප් රථ දෙකක් සොයාගෙන ඇති බවත්තවත් රජයේ වාහන කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබි ඇති හෙයින් එම වාහනද පොලිස් භාරයට ගැනිමට කටයුතු කරන බවද පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *