රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
කොඩිකාමම් පදිංචි 19 හැවරිදි තරුණයෙකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. මෙම තරුණයා කුඹුරු වැඩ කරමින් සිටියදී එහි වල දමා තිබු බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට සැක කෙරේ.
පිපිරිම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.
වෙනත් පුවත්
පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි කළ ඡායාරූප ශාලාවක් වටලා එහි හිමිකරු සහයක තරුණියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ ව්‍යාජ ලේඛන සකස් කිරීමට යොදාගත් ලැෆ්ටොෆ් පරිගණක යන්ත්‍ර 2 ක් ප්‍රින්ටරයක් ස්කෑන් යන්ත්‍රයක් , අන් සතු විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් පත්‍ර 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් හට ප්‍රමුඛතාවය මත සේවය ලබාදීම සඳහා බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ අනුව පැමිණෙන ජනතාව හට ප්‍රමුඛතාවය මත සේවය ලබා ගැනීමට ඉදිරිපත් කරන ලිපි ලේඛන සඳහා බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රාව තබා දිනය හා ප්‍රමුඛතා අංකයක් ලබාදීම සිදුකරන බව පොලිසිය කියයි.


















