BREAKING NEWS
Search

අද කාලගුණය වෙනස් වෙයිද ?

619

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර,සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ,ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඒ අතර

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ 14 වන සේනාංකය යටතේ ඇති 141 පාබල බලසේනා මුලස්ථානයට අයත් 2 වන ශ්‍රිලංකා යුධහමුදා සේවා බලකායේ භටපිරිස් 13 පස්වරුවේ කටයුතු කළහ.

මෙම වැසියන් ජල ගැල්ම හේතුවෙන් ඔවුන්ගේ නිවෙස් වල කොටුවී සිටියදී ගමනා ගමන පහසුකම් සියල්ල ඇනහිට තිබීම හේතුවෙන් යුධ හමුදා භට පිරිස් මෙම පිරිස මුදවාගැනීමේ මානුෂීය මෙහෙයුමක යෙදිණි.

පීඩාවට පත්ව සිටියදී මුදා ගත් වයෝවෘද්ධ පුද්ගලයන් ඇතුළු පිරිස් සදහා අවශ්‍ය පහසුකම් සලසාදීමටද යුද හමුදා නිලධාරින් විසින් පියවර ගනු ලැබීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *