BREAKING NEWS
Search

කටුකුරුන්ද ඛේදවාචකයෙන් මියගිය දරුවාගේ සහ පියාගේ සිරුරු කොටස් දන් දෙයි

1012

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කළුතර – කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ පියා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මාතර සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (12) රාත්‍රියේ මිය ගොස් තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර වෙනිවැල්කැටිය, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචි රොෂාන් ජානක නැමැති 49 හැවිරිදි විවාහක පුද්ගලයක්, තරුෂ අසංක නම් 21 හැවිරදි පුද්ගලයකු සහ සනුල් මිතේෂ් නැමැති වයස අවුරුදු දෙකක් පමණ වන දරුවෙක්.

අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අනතුරට ලක්වූ කුඩා දරුවා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ 21 හැවිරිදි තරුෂ අසංක නැමැත්තා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි.

ඔහු සිය දරුවා රැගෙන නිවසින් පිටව දුම්රිය ස්ථානය දෙසට ගමන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සිතී ඔවුන් පසුපසින් ජීවිතක්ෂයට පත්වූ 49 හැවිරිදි පුද්ගලයාද ගමන් කර තිබෙන බවයි පැවසෙන්නේ.

පසුව දුම්රිය වේදිකාවේ රැඳී සිටි ඔවුන් දෙසට දුම්රියට එනු දැක එම දරුවා සහ ඔහුගේ පියා දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා උත්සාහ කිරීමේදී ඔවුන් තිදෙනාම දුම්රිය මාර්ගයට ඇද වැටී අනතුරුට ලක්වී ඇති බවයි ඥාතීන් පවසන්නේ.

මේ අතර අනතුර සිදුවූ ස්ථානය අසළ තිබී මත්පැන් වර්ගයක්ද හමුවූ බවයි දුම්රිය නියාමකවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මෙම අනතුරින් ජීවිතක්ෂයට ලක් වූ දරුවාගේ සහ පියාගේ සිරුරු කොටස් දන් දීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබෙනවා.

එම දරුවාගේ හදවත කොළඹ ළමා රෝහලට ලබා දෙන බවත් මියගිය තරුෂගේ හදවතත් ඇස් දෙකත් පින් පිණිස දන් දෙන බවයි ඥාතීන් වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

කෙසේ වෙතත් මෙය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැති බවයි පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *