කටුකුරුන්දේ අනතුර සියදිවි නසා ගැනීමක් ? සියදිවි නසාගන්නා බවට ඥාතීන්ට පවසා සිය පිරිමි දරුවා සමග දුම්රිය ස්ථානයට ඇවිත්

982

කළුතර දකුණ, කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රී දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව පොලිසියේ අවධානය යොමුව තිබේ.

ඊයේ (12) රාත්‍රියේ  බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ, කළුතර නාගොඩ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි පියා සහ ඔහුගේ අවුරුදු 01 යි මාස 10ක් වයසැති පුත්‍රයා මෙන්ම තවත් 49 හැවිරිදි පුද්ගලයෙකි.

පියා සහ පුත්‍රයා දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවේ රැඳී සිටියදී එම අනතුරට මුහුණපා ඇති අතර ඔවුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සාහකළ 49 හැවිරිදි අසල්වැසියෙක් අනතුරින් ජීවිතක්ෂයට පත්වුණි.

වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දරුවා මියගොස් ඇත්තේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය සිදුකරන විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මියගිය 21 හැවිරිදි පුද්ගලයා සියදිවි නසාගන්නා බවට ඥාතීන්ට පවසා සිය පිරිමි දරුවා සමග දුම්රිය ස්ථානයට පැමිණ ඇති බවය.

ඔහු දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අතර බිරිඳ මානසික ආබාධයක් සහිත තැනැත්තියක් බවද පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *