BREAKING NEWS
Search

බෝතල් කට්ටෙන් අඹුසැමි ආරවුලට තිත

173

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී  පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයක ලක්ව ඇත්තේ තිස්හත් හැවිරිදි එක්දරු පියෙකි.

මෙම අඹුසැමි යුවල ඉකුත් (07)වන දින රාත්‍රියේ නිවසේ දී  බස් වී ඇති අතර එම බහින්බස්වීම දුර දිග යාමෙන් සැකකාරිය සිය සැමියාගේ උදරයට වීදුරු කැබැල්ලකින් ඇන තුවාල සිදුකර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා දින පහක කාලයක් ත්‍රිකුණාමලයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (12) වැනි දා පස්වරුවේ මියගොස් ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *