රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පවතින වර්ෂාවත් සමග බස්නාහිර පළාතේ අධ්‍යපන කොට්ඨාස 03 ක පාසල් හෙට දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සදහන් කළේ, කඩුවෙළ, කොළොන්නාව සහ වත්තල යන අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙටදින වසා තැබෙන බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති ජලගැලීම් හමුවේ බස්නාහිර පළාතේ පාසල් වසා දැමීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.
වෙනත් පුවත්
ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (14) සිදුකෙරෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර තිබුණේ එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18වැනිදා අවස්ථාව ලබා දෙන බවයි.
පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප තැන්පත් කර තිබූ නමුත් ඉන් පිළිගත් දේශපාලන අටක් සහ ස්වාධීන එක් කණ්ඩායමක් පමණක් නාමයෝජනා බාරදී තිබුණා.
ලබන 26 වනදා පැවත්වෙන ඇල්පිටිය ඡන්දයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ තැපෑලට භාරදුන් අතර ලබන 17 වනදා සිට 20 දක්වා ඒවා බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි.



















