BREAKING NEWS
Search

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා

323

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්ත 35 හැවිරිදි  යුද හමුදා සෙබළකු  බව පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු කාන්තාවකගේ රන් මාලයක්  කොල්ලකා පලා යන බවට වැලිඔය පොලිසියට ලද තොරතුරක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ වැලිඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා  යතුරුපැදි කණ්ඩායම් හතරක් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට යොදවා තිබුණි.

අනතුරුව පොලිස් යතුරුපැදි කණ්ඩායම කිලෝමීටර 15 ක් පමණ දුරට ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරු මාර්ග බාධකයක් තුළදී පරීක්ෂා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *