කළුතර – කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ පියා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මාතර සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (12) රාත්‍රියේ මිය ගොස් තිබුණා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර වෙනිවැල්කැටිය, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචි රොෂාන් ජානක නැමැති 49 හැවිරිදි විවාහක පුද්ගලයක්, තරුෂ අසංක නම් 21 හැවිරදි පුද්ගලයකු සහ සනුල් මිතේෂ් නැමැති වයස අවුරුදු දෙකක් පමණ වන දරුවෙක්.
අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර අනතුරට ලක්වූ කුඩා දරුවා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

















