රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (12) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 44, 38 හා 37 සිරමැදිරි හදිසි සෝදීසි කිරිමක් සිදුකර තිබෙනවා.
එහි දී සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී ස්මාර්ට් ජංගම දුරකථනක්, G.W. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී සුදුපැහැති හෑන්ඩ් ෆ්‍රී 01ක් සහ අනෙක් සිරමැදිරිය පිටුපස සඟවා තිබූ Type C කේබල් 01 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.






















