Search

හිටපු මන්ත්‍රිවරයකුගේ ඥාතියකුගේ නිවසේ තිබී තවත් සැප රියක් හමුවෙයි

7670

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකුගේ

ඥාතියකුගේ නිවසේ මෙම ජිප් රථය ගාල් කර තිබු බවත්, ජිප් රථය පොලිස් භාරයට ගන්නා අවස්තාවේ එහි නිතියානුකුල ලියකියවිලි කිසිවක් නොතිබුණු බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙක් කිය.

ජිප් රථයට අදාල සියළුම ලියකියවිලි  පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් විසින් දැනුම් දුන් බව නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

වෙනත් පුවත්

පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

එම වසරේදී පිළිකා නිසා මරණ 19000ක් වාර්තා වී ඇති බව කී මහීපාල මහතා පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත් සඳහන් කළේය.

2015 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 70%ක වැඩිවීමක් අපේක්ෂා කරන බවද පාලිත මහීපාල මහතා කීය.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාර සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පාලිත මහීපාල මහතා මේ බව කීය. කොළඹ ගලධාරී හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *