BREAKING NEWS
Search

දේශනයක් අවසානයේදී අවසන් ගමන් ගිය හිටපු අගමැති

888

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ස්කොට්ලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඇලෙක්ස් සැල්මන්ඩ් ජීවිත්ෂයට පත් වී තිබෙනවා.

69 හැවිරිදි වියේ පසුවුණ ඔහු හදිසි රෝගාතුර තත්වයක් හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු මැසිඩෝනියාවේ දේශනයක් පවත්වා මිනිත්තු කිහිපයකට පසු ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

ඇලෙක්ස් සැල්මන්ඩ් 2007 සිට 2014 දක්වා වසර 07 ක කාලයක් ස්කොට්ලන්තයට නායකත්වය ලබා දුන්නා.

වෙනත් පුවත්

සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට

අඟුරුවාතොට  රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට  හසු වූ පුද්ගලයෙකු  දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්තොට තුතිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වැලිකඩගේ වසන්ත කුමාර නැමැති 48 හැවිරිදි  දෙදරු පියෙකි

මරණකරු   පිටාර ගිය වතුරේ  මාර්ගය හරහා ගමන් කිරීමේදී සැඩ පහරට අසුව ගසාගෙන යාමේදී එය දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ඔහු බේරාගෙන  ට්‍රැක්ටරයකින්  හල්තොට රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *