BREAKING NEWS
Search

අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත්කරයි

2185

අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.

මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම ඊයේ (11) දින කොළඹ මහ නගරසභාව විසින් සිදු කෙරිණ.

මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 සිට , වසර 19 ක කාලයක් වසා දමා තිබිණි.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම තීරණය නිසා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනය ලිහිල් කිරීමට සහ මහජනතාවට වැඩි පහසුවක් සැලසෙන බව සඳහන් වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *