BREAKING NEWS
Search

අධිවේගී මාර්ගයේ රියදුරන්ට විශේෂ පණිවිඩයක්

413

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (12) උදෑසන 7ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය.

ඇදහැළුණු වර්ෂාවත් සමග වැලිපැන්න පිවිසුම ඊයේ උදෑසන ජලයෙන් යටවූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *