BREAKING NEWS
Search

මෙතෙක් කල් ප්‍රභූන් වෙනුවෙන් පැවති ජාතික නිදහස් උත්සවය ගැන අගමැතිනිය ගත් තීරණය

2311

මෙතෙක් කල් ප්‍රභූන් වෙනුවෙන් පැවති ජාතික නිදහස් උත්සවය ලබන වසරේ සිට රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ද අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රමාත්‍යවරිය පෙන්වා දෙන්නේ නිදහස් උත්සවය පාසල් දරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස සංවිධානය විය යුතු බවයි.

මේ අතර අග්‍රමාත්‍යවරිය පවසන්නේ මින් ඉදිරියට රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීවල යෝග්‍යතාව සහ ඒවායින් අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බවයි.

වර්තමානයේ ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘති ණය පදනම මත ක්‍රියාත්මක බවත්, එම ණය ගෙවීමට සිදුවන්නේ රටේ මහජනතාවට බැවින්, ඒ පිළිබඳ නිලධාරීන්ට වගකීමක් ඇති බවත් ය පේනවා දෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අය මෙම අදහස් පළ කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *