දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.
අද (11) රාත්‍රී 9 වන විට දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 54 ක් වශයෙන් සදහන්ව තිබූ බව සදහන් කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා , පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවද සදහන් කළේය.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටව පවතින බවද හෙතෙම සඳහන් කළේය.
වෙනත් පුවත්
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇබෑර්තු රැසක්
ඉකුත් ජනපතිවරණයත් සමග සිදුවූ බලපෙරළියෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශය අනුබද්ධිත ප්‍රධාන පෙළේ කමිටු සහ අධ්‍යක්ෂ මණ්ඩල කිහිපයක්ම මේ වන විට බල රහිත වී ඇතත් මේ දක්වා ඒවා පත්කිරීමට කටයුතු යෙදුණු බවට නිල වශයෙන් වාර්තා නොවේ.
නව ක්‍රීඩා අමාත්‍යවරයෙක් පත්වීමත් සමග ජාතික ක්‍රීඩා සභාව හා ජාතික තේරීම් කමිටුව අලුතින් නම් කළ යුතු අතර සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයද අලුතින් පත්කළ යුතුවේ. මේ අතර තහනම් උත්තේජක නිවාරණ අධිකාරියේ මුල් පුටුවද මේ වන විට ඇබෑර්තු වී පවතී.
කෙසේ වෙතත් ජාත්‍යන්තර තරග සහභාගීත්වයන් හට අනුමැතිය ලබාගැනීම පිණිස වන අවශ්‍යතාව සලකා ජාතික තේරීම් කමිටුව සිය වගකීම අඛණ්ඩව ඉටුකරමින් සිටියි.
නමුත් ජාතික ක්‍රීඩා සභාව පත් කර නොමැතිවීම මත ඉහළ කාර්යසාධන සංචිත සඳහා ලබාදෙන විශේෂ දීමනා ලබාදීම ආදිය මේ වන විට ඇනහිට ඇතැයි වාර්තා වේ. ඉහළ කාර්යසාධන සංචිතවල යාවත්කාලීන කිරීම් සඳහා තොරතුරු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාළ ජාතික ක්‍රීඩා සංගම් වෙතින් ඉල්ලා ඇතත්, එම යාවත්කාලීන කිරීම් අනුමත කිරීම සඳහා ක්‍රීඩා කවුන්සිලයක් සක්‍රියව පැවතිය යුතුවීම එයට හේතුවයි. එසේ වුවද ඉහළ කාර්යසාධන සංචිත සඳහා ඇතුළත්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ දීමනාව මෙන්ම ජාතික සංචිතවල පෝෂණ දීමනාද, ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සැපයෙන ආහාරපාන ආදියද, ක්‍රීඩා ශක්ති වැඩසටහනේ දීමනාද, අඛණ්ඩව ලබාදීමට කටයුතු යෙදී ඇත.


















