BREAKING NEWS
Search

වැරදි චිත්‍රයන් දෙන්න උත්සාහ කරන්න එපා. පාරවල් දිගේ පාලනයකින් තොරව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග බේරා ගැනීමට අපට ගනුදෙනුවක් නෑ – මැ.කො ගෙන් සැර කතාවක්

1594

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අද (11) දින නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින්ට අදාල මනාප අංක ඉදිරි සතිය තුලදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

එහිදී මෙවර වැඩිම නාමයෝජනා ඉදිරිපත් වී ඇත්තේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා වන බවත් ඒ ගණන 64ක් බවත් සඳහන් කළ ඔහු, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා අඩුම නාමයෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන බවත් එම ගණන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 15ක් බවත් පැවසුවා.

එමෙන්ම, නාමයෝජනා සම්බන්ධයෙන් යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම්වලට හෝ අපේක්ෂකයින්ට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යා හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

එම මාධ්‍ය සාකච්ඡාවේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නාමයෝජනා ලබා දුන් අශේන් සේනාරත්න තම කණ්ඩායම් නාම යෝජනා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව සහ එහි නිලධාරීන් දූෂිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, පාරවල් දිගේ පාලනයකින් තොරව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග බේරා ගැනීමට ගනුදෙනුවක් නොමැති බවත්, වැරදි චිත්‍රයක් රටට ලබා දීමෙන් වලකින ලෙසත් අවශ්‍යනම් කොමිසමේ දූෂිතභාවය අධිකරණයට ගොස් ඔප්පු කර පෙන්වන ලෙසත් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *