BREAKING NEWS
Search

ආසනික් විෂ රට සැමන් තොගයක් හරවා යවයි

257

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් මෙම විෂ සහිත සැමන් තොගය හමුවී තිබේ.

මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද දින එම ගබඩා සංකීර්ණයට පැමිණියේය.

අදාළ සැමන් තොගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලේකම්වරයා පවසා සිටියේ එම විෂ සහිත සැමන් තොගය ශ්‍රී ලංකාවේදී විනාශ කිරීමට ඉඩ නොතබා එය නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *