Search

අමාත්‍ය නිල නිවාස භාර දීම දේශපාලන පළිගැනීමක් ලෙස දකින්න එපා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

278

අමාත්‍ය නිල නිවාස භාර දීම දේශපාලන පළිගැනීමක් ලෙස දකින්න එපා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පසුගිය 09 වනදා එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

එහිදී ඇය කියා සිටියේ අමාත්‍යධුර අහෝසි වීමත් සමග නිල නිවාස භාර දීම සිදුවිය යුත්තක් බවත් මෙතෙක් නිල නිවාස භාර නොදුන් අය වෙත යළි සිහි කැඳවීමක් කරන්න ලෙසයි.

එමෙන්ම ප්‍රතිචාර නොලැබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.

තව ද මින් ඉදිරියට රට තුල ක්‍රියාත්මක කෙරෙණ සංවර්ධන ව්‍යාපෘතී වල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියා.

දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරන රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘතිය වලදී රාජ්‍ය නිලධාරීන් සතු විශේෂඥ දැනුම භාවිත කරමින් අදාළ පාර්ශව සමග යහපත් සංවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතු බව පැහැදිලි කල අග්‍රාමාත්‍යවරයා රටේ ජනතාවට අදාළ ව්‍යාපෘති ආරම්භ කිරිමට පෙරාතුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය රටට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳ මහජන මිත්‍රශීලී හැඟීමෙන් තීරණය කරන්න යැයි කියා සිටියා.

එවැනි නිලධාරීන් වෙනුවෙන් අපේ රජය ඕනෑම විටක පෙනී සිටින්න සූදානම් බව ඇය මෙහිදී අවධාරණය කර සිටියා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ඉඩමක් පැවරීම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් අමාත්‍යංශ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත සිදු කරන ලදි.

එහීදී අනාවරණය වූයේ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර භාවිතා කළ නිල නිවාසය, 1994 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ විසින් ඉදිරිපත් කරන ලදුව කැබිනට් මණ්ඩලය මගින් සම්මත කරන ලද යෝජනාවක් මත අදාල පාසල දෙපසට වන්නට ඇති ඉඩම් කැබලි දෙකක් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට එවක රජය තීරණය කොට තිබූ බවත්, අංක 11 දරණ ඉඩම අදාළ යෝජනාව සම්මත වීමත් සමගම පාසලට පැවරීමට එවක රජය කටයුතු කළද අංක 3 දරණ ඉඩමෙහි ඇමති නිල නිවාසයක් පැවතීම හේතුවෙන් මේ වන තෙක් පවරා ගැනීමක් සිදුව නොතිබුණ බවය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ කඩිනමින් අදාළ නිවස භාර ගෙන මැණුම් කටයුතු සිදු කර එකී ඉඩම පාසල වෙත භාර දීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *