BREAKING NEWS
Search

ශානි අබේසේකර නැවත පොලිස් සේවයට

217

හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.

ඒ, අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි වසරක කාලයක් සඳහා ය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර මහතා හැඳින්විය හැකිය.

කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වූ ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය.

එම සිදුවීම්වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අබිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *