BREAKING NEWS
Search

එජාප සංවිධායකවරයෙක් හදිසියේ මිය යයි

849

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක  හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා  නිවසේ නාන කාමරයේ වැටී  ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර පොලිසිය පවසයි.

මිය යන විට, ඒ මහතා 76 වන වියේ පසුවිය.

ඒකනායක මහතා දියවැඩියාව රෝගයෙන් පෙලුනු අයකු බවත් අමාත්‍යවරයාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් ලබා දෙමින් නිවසේ කටයුතු කළ පුද්ගලයකු, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇති අතර, මෙම මරණය සිදු වන අවස්ථාවේදී ඒ මහතා පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය, අනුරාධපුර නාගරික සහ මධ්‍යම නුවරගම් පළාත් හදිසි නාගරික මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා විසින් සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසට ඒ මහතා නියෝග කරනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *