BREAKING NEWS
Search

රතන් ටාටා දේහයට අවසන් ගෞරව දැක්වීමට ජන ගඟක්

157

අභාවප්‍රාප්ත ඉන්දියාවේ ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රතන් ටාටාගේ මිය යන විට 86 හැවිරිදි වියේ පසුවූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය තවදුරට ත් සඳහන් කර ඇත්තේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහුව ඔක්තෝබර් 7 වන දා දකුණු මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇති බව ය.

රතන් ටාටාගේ අභාවය පිළිබඳව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර තිබේ.

ඔහු X සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු “දූරදර්ශී ව්‍යාපාරික නායකයෙකු, දයානුකම්පිත ආත්මයක් සහ අසාමාන්‍ය මනුෂ්‍යයෙකු” ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රතන් ටාටා ගැන සඳහන් කර තිබේ.

ටාටා යනු ජාත්‍යන්තරව පිළිගත් ඉන්දියානු ව්‍යාපාරික නායකයන්ගෙන් කෙනෙකි.

ටාටා ගෲප් යනු ඉන්දියාවේ විශාලත ම සමාගම්වලින් එකක් වන බව ත් වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 (පවුම් බිලියන 76.5) ඉක්මවන බව ත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *