BREAKING NEWS
Search

ජනපති උපදෙස් මත කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් අක්කර 11,000ක් ගොවීන්ට

171

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *